අප්‍රේල් 03, 2020
tami eng youtube  twitter facebook

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක් මහ උළෙල 26 වනදා Featured

    අප්‍රේල් 12, 2014
    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය තෙවන වරටත් සංවිධානය කරන බක් මහ උළෙල මෙම මස (26)වන දින දවස පුරා එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වේ.
     
     
    ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ඉන්ෆො ක්වීන් තේරීම, ඉන්ෆො ප‍්‍රින්ස් තේරීම, ඉන්ෆො ස්ටාර් තේරීම, ගම හරහා දිවීම, කඹ ඇදීම, අවුරුදු කුමාරිය තේරීම, ජන ක‍්‍රීඩා, විකට ඇඳුම් තරඟය ආදී විශේෂාංග රැුසකින් සමන්විත වෙයි.
     
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වෙන මෙම බක්මහ උළෙලට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් රැුසක් සහභාගී වීමට නියමිතයි.
     
    අවුරුදු උළෙළ අවසානයේ පවත්වනු ලබන සංගීත ප‍්‍රසංගය බක්මහ උළෙල තවත් විචිත‍්‍රවත් කරනු ඇත.
     
    ECB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya