අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම අවුරුදු පොළවල්වලට පාරිභෝගිකයින් ලක්ෂ 15ක්

    අප්‍රේල් 10, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම යටතේ රාජ්‍ය ආයතන 19ක සහභාගිත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ස්ථාන 324ක් කේන්ද්‍ර කරගනිමින් රටපුරා මෙම දිනවල පැවැත්වෙන දිවි නැගුම අවුරුදු පොළවල්වලට මේ වන විට ලක්ෂ 15කට අධික පිරිසක් පැමිණ ඇති අතර ඒ සඳහා ග්‍රාමීය නිෂ්පාදකයින් 12,000ක පිරිසක් සහභාගි වී සිටිති.


    ඉකුත් අප්‍රේල් 07 වනදා ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ වූ දිවි නැඟුම පොළවල් 12 වැනිදා අවසන් වන අතර එහි රෙදිපිළි, එළවලු සහ පලතුරු, රස කැවිලි, සහල්, පොල්, කිරිපිටි, වියළි ආහාර, ධාන්‍ය වර්ග, කුළුබඩු, ධාන්‍ය වර්ග, සත්ත්ව නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. වෙළෙඳ සහ මහවැලි අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 19ක් එක්ව සංවිධානය කරනු ලැබූ දිවි නැගුම පොළවල්වලට 12වැනිදා නිමාවන විට ලක්ෂ 30කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    ප්‍රධාන නගරයන්හි පැවති දිවි නැගුම අවුරුදු පොළවල් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනයින් විශාල රැසක් පැමිණ සිටියහ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි නිෂ්පාදකයින් විශාල පිරිසක්ද ‍සහභාගීවීම මෙම දිවි නැගුම වෙළඳ පොළෙහි විශේෂත්වයක් විය. ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ සහල් පිටි, අත් යන්ත්‍ර රෙදි පිළි, කොට්ටකිලංගු, තල්වලින් සකසන ලද විවිධ විසිතුරු භාණ්ඩ, ගමන් මළු, උඳුපිටි, කරවල ආදී නිෂ්පාදනයන් රැසක් අලෙවි‍ වනු දක්නට ලැබිණි.


    සාමාන්‍ය වෙළඳ පොළෙහි දක්නට ලැබෙන මිලට සාපේක්ෂව ඉතා සහන මිලකට මෙම දිවි නැගුම අවුරුදු පොළ හරහා භාණ්ඩ ලබාගැනීමට හැකියාව පවතින නිසා මෙසේ විශාල පාරිභෝගික පිරිසක්ද  මෙම ස්ථානයන්ට පැමිණීමට හේතුවී තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya