මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදානය 2014

    අගෝස්තු 29, 2014
    පසුගිය දසක 3ක පමණ කාලයක් තුළදී මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් සේවය කළ ත්‍රිවිධ හමුදාවේ මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන්ගේ දූ දරුවන් උදෙසා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද රණ විරු දූ දරු ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනෙහි 14 වන අදියර අද (29) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී එහි සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. 
     
    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සේවා වනිතා ඒකකය විසින් 2009 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ අතර මේ වන විට මෙහි 14 වන අදියර ද ඇතුළු ව මෙම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වැයකර ඇත.
     
    අද පැවති ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ රණ විරුවන්ගේ දරුවන් 67 දෙනෙකු , නාවික හමුදාවේ රණ විරුවන්ගේ දරුවන් 13 දෙනෙකු හා ගුවන් හමුදාවේ දරුවන් 13 දෙනෙකු ද ඇතුළුව 93 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය. ප්‍රථමයෙන් ම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් ශිෂ්‍යත්ව පිරිනමනු ලැබූ අතර අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මංජුලිකා ජයසූරිය මහත්මිය හා ත්‍රිවිධ හමුදාවේ සේවා වනිතා ඒකකවල සභාපතිනියන් ද සහභාගි වූහ.
     
    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය 1 - ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා රුපියල් 20,000ක් ද, 6 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා රුපියල් 30,000ක් ද හා 9 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා රුපියල් 50,000ක් ද යන වටිනාකම්වලින් යුක්ත විය.
     
    මෙම අවස්ථාව සඳහා මංජුලිකා ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන දමයන්ති රත්නායක, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ශාලිකා පෙරේරා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන රෝෂිණී ගුණතිලක, ත්‍රිවිධ හමුදා සුභසාධක මණ්ඩලවල සභාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සාමාජිකයන් හා ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියවරු ද සහභාගී වූහ.
     
    DB
     
    ranaviru du daru 20140829 p8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya