මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝෂණය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කළ යුතුයි Featured

    අගෝස්තු 29, 2014
    රාජ්‍ය මැදිහත්වීම යටතේ මේ රටේ භෞතික හා මානව සම්පත් සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින බවත් ඒ යටතේ පෝෂණය යන මාතෘකාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කළ යුතු බවත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි.


    ලේකම්වරයා මේ බව පැවසුවේ අද (29) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති "නිසි පෝෂණයෙන් සුවැති දැයක්" යන්න තේමා කරගනිමින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති වැඩමුළුවක් අමතමිනි. පෝෂණය පිළිබඳ පණිවිඩය මහජනතාව අතරට ගෙන යාම අරමුණු කොට ගෙන මාධ්‍යවේදීන් සවිබල ගැන්වීම සඳහා මේ වැඩමුළුව පැවැත්විණි. 


    රාජ්‍ය අංශය මානව සම්පත් කළමනාකරණයේදී පෝෂණය පිළිබඳ කටයුතු කරන කාලයක් මෙය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන විට ජනතාවගේ සෞඛ්‍ය ශක්තිය, බුද්ධිමත් බව පෝෂණය පැත්තෙන් ලබාදිය යුතු පිටුබලය කුමක්ද යන්න පිළිබඳව රජයේ මැදිහත්වීමක් සිදු ව තිබේ. ඉතිහාසයේ අපේ දෙමාපියන් කෑම උයන අවස්ථාවේදී එදිනෙදා ඉවිය යුත්තේ මොනවාද යන්න තීරණය කළේ ඔවුන්ගේ සාමාන්‍ය දැනුම අනුවයි. එදා රෝග වැළඳුණ විට ප්‍රතිකාර ගන්නවාට වඩා රෝග නිවාරණය සඳහා පෝෂණය හේතු විය. නිසි කළමනාකරණයකින් තොර ව ආහාර භාවිතය නිසා අද පෝෂණ ගැටලු රැසක් පැන නැගී ඇත. 

    මේ රට අද මැදි ආදායම් ලබන රටක් ලෙස ඉදිරියට ගොස් තිබේ. අද ජනතාව මාසිකව දූරකතන, විදුලිය, ජලය, සෞඛ්‍ය සඳහා බිලක් වෙන් කරයි. මේ තුළ පෝෂණය ගැන ද ඇතුළත් විය යුතුයි. නිවැරදි දත්ත මාධ්‍ය මඟින් සමාජයට ඉදිරිපත් විය යුතුයි. දියුණු වෙන රටක පෝෂණය යන කාරණය අතහැරිය හැකි දෙයක් නො වේ. මේ සඳහා ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය මැදිහත් විය යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2016දී පෝෂණයෙන් සපිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීම අරමුණු කොට ගෙන පෝෂණ ලේකම් කාර්යාලය විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ වැඩසටහන අමාත්‍යාංශ 16ක් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya