මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් ජනතා මෙහෙවර අගයමින් ඇමැති තිස්ස කරල්ලියද්දට උපහාර පුදයි

    අගෝස්තු 29, 2014
     
    පුරෝගාමී අභිමානවත් ජනතා මෙහෙවර අගයමින්, පාර්ලිමේන්තු දිවියේ විසි වසර සපුරණ රජරට ජනතා නියෝජිත, මැදවච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙනුවෙන් පැවැත්වෙන උපහාර උත්සවය හෙට (30) පෙ.ව. 9.30ට අනුරාධපුර සමුපකාර ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ.

    අනුරාධපුර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

    1994 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරීපත් වූ තිස්ස කරල්ලියද්ද මහතා මේ දක්වා පැවති සෑම මහ මැතිවරණයකින්ම ජය ලැබීය.
     

     හැත්තෑව දශකයේ සමඟි පෙරමුණ රජයේ දහනම වතාවක් අගමැති ධුරයෙහි වැඩ බලමින් ද, මැදවච්චිය ආසනයේ මහජන නියෝජිතයා ලෙස නොකඩවා වසර 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ලෝක වාර්තාවකට ද හිමිකම් කී රජරට අසහාය නායකයාණන් ලෙස අදත් ජනතාවගේ ගෞරවාදරයට පත් දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ ආශිර්වාදයෙන් කරල්ලියද්ද මහතා දේශපාලනයට එක් විය.

     තිස්ස කරල්ලියද්ද මහතා මීට පෙර දේශීය වෛද්‍ය, ඉඩම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය, දේශීය වෛද්‍ය හා ආගමික නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්වල කටයුතු කර ඇත.
     
    හෙට (30) පැවැත්වෙන උපහාර උත්සවයට සමගාමීව අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නව පළාත් සභා පරිශ්‍රයේ පිහිටි මෛත්‍රිපාල සේනානායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya