මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය බදුල්ලේදී

    අගෝස්තු 29, 2014
    රණ විරු සේවා අධිකාරිය විසින් පසුගිය කා‍ලයේදී අප මාතෘ භූමියේ නිදහස උදෙසා සිය ජීවිත පූජාවෙන් සටන් කර දිවි පිදූ රණ විරු පවුල්වල සාමාජිකයන් හා තුවාල ලබා විශ්‍රාම ගැන්වූ රණ විරුවන් වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාභ ප්‍රදානෝත්සවයක් පසුගිය සඳුදා බදුල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී රණ විරු සේවා අධිකාරියේ සභාපතිනී පද්මා වෑත්තෑව මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.


    මෙහිදී රණ විරු දරුවන් වෙනුවෙන් ලබාදෙන නව අධ්‍යාපන ශිෂ්‍යත්ව 65ක් ප්‍රදානය කිරීම, ආබාධිත රණ විරුවන් වෙනුවෙන් කෘත්‍රිම පාද 39ක් සඳහා අදාළ මිනුම් කටයුතු සිදු කිරීම, ශරීරාංග පුදකළ රණ විරුවන් 110 දෙනෙකු වෙනුවෙන් අත්වාරු හා කිහිලිකරු දෙක බැගින් ලබාදීම, රෝද පුටු 10ක් ප්‍රදානය කිරීම, ස්වයංරැකියා ආධාර හා ස්වයංරැකියා ණයක් ලබාදීම හා නිවාස ණය චෙක්පත් 08ක් හා නිවාස ආධාර චෙක්පත් 04ක් ප්‍රදානය කිරීම සිදු කරන ලදී.

     

    ඊට අමතරව 26 හා 27 යන දිනවලදී ආබාධිත රණවිරුවන් සදහා වූ පුහුණු වැඩමුළුවක් විශේෂඥ සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබූ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් 120 කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ.

    මෙම උත්සවය සඳහා හිටපු නාවික හමුදාපති හා ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දයා සඳගිරි, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් හා හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර, හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරාජ හා හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya