මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික හා වෙළෙඳ තොරතුරු හුවමාරුවට ශ‍්‍රී ලංකා - සීෂෙල්ස් ගිවිසුමක් Featured

    අගෝස්තු 29, 2014

    ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ ආයෝජන මණ්ඩලය අතර ඊයේ (28) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. 


    අදාළ ගිවිසුම සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර සහ සිෂෙල්ස් ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධාන විධායක රූපට් සයිමන් යන මහත්වරු අත්සන් තැබූහ.

    අදාළ ගිවිසුමට අනුව දෙරටේ ආර්ථික හා වෙළෙඳ ක්ෂේත‍්‍රයන්ගේ තොරතුරු හුවමාරු කරගැනීමටත් දෙරටේ ආයෝජකයන් සඳහා වෙළෙඳ ප‍්‍රදර්ශන හා සම්මන්ත‍්‍රණ පැවැත්වීමටත් ආයෝජකයන් දිරිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ. එමෙන්ම දෙරටේ ශ‍්‍රම බලකායේ ගුණාත්මක වර්ධනය සඳහා සම්මන්ත‍්‍රණ පුහුණු වැඩමුළු සහ ශ‍්‍රම ඵලදායිතාව වර්ධනය සඳහා විවිධ වැඩමුළු පැවැත්වීම මඟින් ආයෝජකයන් දිරිගැන්වීම සිදුවේ.

    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර ආයෝජන කටයුතුවල නියැළීමට කැමැති ආයෝජකයන් සඳහා ප‍්‍රවර්ධන වැඩමුළු සංවිධානය කරදීම ක්ෂේත‍්‍ර චාරිකා සංවිධානය කරදීම ආදිය මෙම ගිවිසුම මඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

    මෙම අවස්ථාවට සීෂෙල්ස් මුදල් හා ආයෝජන අමාත්‍ය ෆියරේ ලැපෝර්ටි හා එරට තානාපති වේඩන් සයිමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා නියෝජ්‍ය අමාත්‍ය ෆයසිර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya