මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලීය නිලධාරීන් පිරිසක් යාපනයේ Featured

    අගෝස්තු 29, 2014

    ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලීය ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් පසුගිය බදාදා පලාලිහි දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතා හමුවී යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත්හ.


    විවිධ රටවල් නියෝජනය කරන ශිෂ්‍ය නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමෙහි ප‍්‍රධානියා වූයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩල සාමාජික එයාර් වයිස් මාෂල් විපින් ඉන්දිරා පද්මනාභන් මහතායි.

     

    ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි නිලධාරීන් පිළිගනිමින් මේජර් ජෙනරල් උදය පෙරේරා මහතා සාමය උදාවීමත් සමඟ වර්තමානයේ යාපනයේ සිදුවන වේගවත් සංවර්ධනය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් එතුමා පැවසූයේ හමුදාවේ ප‍්‍රමාණය ක‍්‍රමානුකූලව අඩුකරන බවත් රටේ නිදහස වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ සෙබළුන් එක්වරම නිවෙස් වෙත යැවිය නොහැකි බවත්ය.

     

    1995 දී පැය 48ක් ඇතුළත සිය නිවාසවලින් ඉවත් වන ලෙස නියෝග කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ සිවිල් පුරවැසියන් ලක්‍ෂ 5ක් පමණ අවතැන් කර වූ ආකාරය ආඥාපතිතුමා විසින් පැහැදිලි කරන ලදි. 1996 දී යාපනය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසු ඔවුන් නැවත පදිංචි කළ බව ද එතුමා පැවසීය.

     

    ඩයස්පෝරාව වෙතින් මූල්‍යමය වාසි ලබන දේශීය අන්තවාදී දේශපාලඥයන් ඩයස්පෝරාව වෙතින් වෙන්කළ නොහැකියි. දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායමක් විසින් මූල්‍යාධාර එකතු කිරීම නොකඩවා කරගෙන යයි. ඉන් සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ පසුම්බියට යන අතර ඉතුරු එල්.ටී.ටී.ඊ. මතවාදය ඉදිරියට ගෙන යාම සඳහා යොදවයි. කෙසේ වුවද මව්බිම තුළ වෙන ම රාජ්‍යයක් යන්න සිහිනයක් පමණික් බව ද ආඥාපතිතුමා පැවසීය.

     

    තවදුරටත් කරුණු දැක් වූ ආඥාපතිතුමා සමාජය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්ථාපනය හා සමාජගත කිරීම විශාල අභියෝගයකි. කෙසේ වුවද ඔවුන් සමාජගත කිරීමට පෙර අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව තුළින් ඔවුන්ව සමාජය තුළ අනන්‍යතාවක් ලබාදෙන ලද බවත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya