මෙම වැඩසටහනින් පුහුණු වන්නන් හට, LED බල්බවල වැදගත්කම, මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම, බිත්ති/තාප්ප සඳහා සුදුසු බල්බ නිෂ්පාදනය, ආලින්දය, විසිත්ත කාමර සඳහා බල්බ නිෂ්පාදනය, LED Drivers යොදා බල්බ නිෂ්පාදනය කිරීම, ත්‍රීරෝද රථ සඳහා ආලෝකකරණ උපාංග නිෂ්පාදනය කිරීම, උත්සව සඳහා වන බල්බ නිෂ්පාදනය කිරීම, විවිධ වර්ගවල බල්බ් වැල් නිෂ්පාදනය කිරීම ආදි කරුණු පිළිබඳ දැනුමක් ලබා දීමට නියමිතය.
අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ලබා දීමක්ද සිදු කෙරේ. වැඩසටහන සාර්ථකව අවසන් කරන පිරිස සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පසුවිපරම් සේවාවන්ද කරනු ඇත.