අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනුරාධපුරය, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
අද අලුයම 2.30 වනවිට මි.මී. 69.0ක වර්ෂාපතනයක් මොනරාගලින් වාර්තා වේ.
HC