අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක නාගරික සමුළුවට ඇමති විමල් කොළොම්බියාවට Featured

    අප්‍රේල් 07, 2014
    හෙට (07) සිට 1‍1 දක්වා කොළොම්බියාවේ මෙඩ්ලින් නගරයේ දී පැවැත්වෙන “7 වන ලෝක නාගරික සමුළුව”ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා එම සමුළුවට සහභාගී වේ. 
     
    “නාගරික ජන ජීවිතය සඳහා නගර සංවර්ධනයේ සමානාත්මතාවය ”මෙවර 7 වන ලෝක නාගරික සමුළුවේ තේමාව වී ඇත. 
    රටවල් 160 ක නිවාස අමාත්‍යවරුන්, නිලධාරීන්, නිවාස සංවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් ඇතුළු 1000කට අධික නියෝජිතයින් පිරිසක් මෙම  සමුළුවට සහභාගී වෙති. රටවල අමාත්‍යවරුන්ගේ සමුළුවක්, රටවල මන්ත්‍රීවරුන්ගේ සමුළුවක්, වෘත්තිකයින්ගේ සමුළුවක්, තරුණ සමුළුවක් වශයෙන් මීට සමගාමීව තවත් සමුළු කිහිපයක්ම මෙඩ්ලින් නගරයේ දී පැවැත්වේ.
     
    ගෝලීය තරුණ සමුළුව ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. එම නිසා නාගරික සමුළුවට සමගාමීව පැවැත්වෙන තරුණ සමුළුව නියෝජනය කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සමුළුවේදී අදහස් දැක්වීමට නියමිතය. 
     
    ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර ඇති ජාතික නිවාස ප්‍රඥප්තිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් සමුළුවට පැමිණෙන රටවල නියෝජිතයින් දැනුවත් කරනු ලබයි. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජයට පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා විසින් දැනුවත් කිරීමට නියමිතව ඇත. 
     
    විශේෂයෙන්ම ශ්‍රී  ලංකා ඉතිහාසය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලබාගෙන තිබෙන වැඩිම වර්ධන වේගය ළඟාකරගෙන ඇත්තේ වර්තමානයේදීය. එය ප්‍රතිශතයක් ලෙස 21.6% ඉක්මවා තිබීම  විශේෂත්වයකි. දේශීය ආයෝජකයින්ට අමතරව විදේශීය ආයෝජකයෝ රැසක් ද ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට වර්තමානයේදී සම්බන්ධ වී සිටිති.  මේ අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙම සමුළුවේදී විශේෂ  අවධානයක් යොමු කෙරෙනු ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය පවසයි.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික  ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ පද්ම උදය ශාන්ත ගුණසේකර මහත්වරු ද මෙම සමුළුවට ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya