මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවෙයි

    අගෝස්තු 19, 2014
    ශ්‍රී ලංකාවට පැමිණ සිටින  මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී මේජර් ජෙනරල් අහමඩ්ෂෙයාම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (19) පෙරවරුවේදී සිදුවිය.  

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී මේජර් ජෙනරල් අහමඩ් ෂෙයාම් ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී ගුවන් හමුදා කොළඔ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් ඩී.ජේ.සී. වීරකෝන් නිලධාරිවරයා විසින් පිළිගත් අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පවත්වන ලදී.

    මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලද අතර මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී මේජර් ජෙනරල් අහමඩ් ෂෙයාම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya