මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා නිසා මේ කෙටි කාලය තුළ අප ලබාගත් ජයග්‍රහණ විශාලයි

    අගෝස්තු 19, 2014

    ජනාධිපතිතුමාගේ දූරදර්ශී නායකත්වය නිසා, මහින්ද චින්තන වැඩපිළිවෙළ නිසා මේ කෙටි කාලය තුළ අප ලබාගත් ජයග්‍රහණ විශාල බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.


    අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ, දකුණු ගොඩිගමුව සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිතියේ හැත්තෑ පස්වන සංවත්සරික උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. උත්සවය 17 වැනි දා මහරගම, තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

     

    මෙහිදී අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිකම අහෝසි කරන්න ඕනෑ කියලා සමහරු කියනවා. ඒත් ජනාධිපතිකම අහෝසි කරලා ඊළඟට මොකක්ද කරන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. හේතු කියන්නෙත් නැහැ. මේවා දරා ගන්න බැරි අය ඊර්ෂ්‍යාවෙන් තමයි මේවා කියන්නේ. දක්ෂ නායකයෙක් ඉන්නවා නම්, ඔහු දිගටම තියා ගන්නවා මිසක් තවත් නායකයෙක් කුමටද? මෙහිදී වැඩිදුරටත් උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා, “මේ වන විට අපි දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන ජාතියක් බවට පත් වී සිටිනවා.  මේ දියුණුව ඉවසන්නේ නැති නොයෙකුත් බලවේග,  විවිධාකාරයෙන් විවේචනය කරමින් සිටිනවා. අද අපිට විවේචනය වැඩක් නැහැ. මෙතෙක් කල් අපි කෙරුවේ විවේචනය විතරයි. දේශපාලන වාසි බලාගෙන විවේචනය කරනවා මිසක්, රට ගැන ආදරයකින් කිසිවක් කරන්නේ නැහැ.අවුරුදු 4000 පමණ ඉතිහාසය තුළ දියුණු ස්වර්ණමය යුගය තමයි අපි මේ ගෙවන්නේ.  විවිධ බලවේග, කුමන්ත්‍රණවලට අසුවෙලා මේ අවස්ථාව නැති කර ගත්තොත් අපිට ආපසු පසුතැවෙන්න වෙනවා.අද සණස බැංකු‍වත් ඉතාමත් සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. ඒකට හේතුවත් රට තුළ තිබෙන සාමකාමී වාතාවරණයයි. මිනිසුන්ගේ මනස දියුණු වෙන කොට, අතමිට සරු වෙන කොට, ඉතිරි කිරීමට පෙළඹෙනවා. සණස බැංකුව ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන, ඔවුන් සමඟ දුරස් නොවී සිටීම මෙයට හේතුවයි. සණස, ආර්ථිකයට පමණක් නො වේ, යහපත් ගුණ ධර්මවලට මුල් තැන දී ඇරඹුණ ජනතා ව්‍යාපාරයක්.  මමත් අවුරුදු 17 දී මෙම සණස බැංකුවේ සාමාජිකයෙක් වුණා. එදා සුදු ජාතිකයින් මෙම ව්‍යාපාරය “එක්සත් සහකාර සමිතිය” ලෙසින් අපට හඳුන්වා දුන්නත්, අපි එය ඉතා දියුණු ව්‍යාපාරයක් බවට, අපගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස පරිවර්තනය කළා”.

    මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, “ප්‍රජා සංවර්ධනය හා සුබසාධන සේවා පවත්වා ගෙන යාම පිළිබඳව අභියෝග රැසකට ලෝකයේ රටවල් මුහුණ පා සිටින කාලයක ශ්‍රී ලංකාව එය ජය ගෙන එයට වඩාත් අනුගත වී සිටිනවා.  ඒ මන්ද ශ්‍රී ලාංකිකයින්ගේ අන්‍යෝන්‍යාධාර හා ප්‍රජා දායකත්ව ක්‍රමවේදයත් ඉතාමත් දියුණු තත්ත්වයක පවතිනවා. රජය මහත් බරකින් නිදහස් කිරීමට මෙම ප්‍රජා දායකත්වයන් හා ජනතා ගොනුවීම් තුළින් බිහි වූ සුබසාධක සංවිධානයන්ට ශක්තියක් ඇති බැවිනි. මෙහිදී සමූපකාර ව්‍යාපාරය අප රටට යෝධ ශක්තියක් එක් කරයි”.
     

    මෙම අවස්ථාවට ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති, විද්‍යාකර බාලිකා මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති පූජ්‍ය තේනේගම ධම්මාලෝක හිමිපාණන්, පළාත් සභා මන්ත්‍රීන් වන, සලෝචන ගමගේ, ඉසුරු දේවප්‍රිය, කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ, සණස සංගමයේ සභාපති, ආචාර්ය ජී.ඒ. කිරිවන්දෙනිය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන, ගොඩිගමුව සණස බැංකුවේ සභාපති, රූබන් වැලිවත්ත, සණස සංවර්ධන බැංකු සමූහයේ සභාපතිනි, මුදිතා සාමදානී කිරිවන්දෙනිය, සණස බැංකු සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya