මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු වෛද්‍ය පත්වීම් පිරිනැමේ

    අගෝස්තු 19, 2014
    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පශු වෛද්‍ය නිලධාරින් 40දෙනෙකුට නව පත්වීම් ප්‍රදානය කරන ලදී.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය උපාධිය ගෙන පශු වෛද්‍යවරුන් ලෙස පත් කෙරුණ මෙම සියලු දෙනා පේරාදෙණිය ගැටඹේ පිහිටි සත්ත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් අඛණ්ඩ අධ්‍යාපන ආයතනයේ සති 02ක පමණ නේවාසික පුහුණුවට යටත් ව සැප්තැම්බර් 01 වැනි දා සිට සේවයට අනුයුත්ක කිරීමට නියමිතව ඇත.

    උතුරු හා නැගෙනහිර පළාත් හි පශු වෛද්‍ය කාර්යාල සඳහා මොවුන් අනුයුක්ත කිරීමට නියමිත ය.
     

    මෙහි දී අදහස් දැක්වු තොන්ඩමාන් අමාත්‍යවරයා පැවසුවේ, “මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ වර්ෂ 2016 වන විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයං පෝෂිත කිරීම අරමුණ වන අතර, ඒ සඳහා ඔබලාගේ අගය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ලංකාවේ ස්වයං රැකියා ලෙස කිකිළි පැටවු, එළු පැටවු, කිරි එළදෙනුන් ඇතුළු ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සතුන් හට වැළඳෙන ලෙඩ රෝග කල් තියා හඳුනාගෙන එම සතුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හා අවශ්‍ය සේවාවන් නිසි පරිදි ඉටු කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී නවක පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලීම් කළේය. ස්වයං රැකියා තුළින් තම ජීවනෝපාය ගැට ගසන ස්වයංරැකියාලභීන්ට මෙන්ම රටේ දියර කිරි නිෂ්පාදනට ද පශු වෛද්‍යවරුන්ගේ සේවය ඉතා ප්‍රයෝජනවත්  වන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


    මෙම අවස්ථාව සඳහා පශු සම්පත් අමාත්‍යංශ වැඩ බලන ලේකම් එච්.එල්. තිසේරා හා පශු සම්පත් උසස් නිලධාරින් ඇතුළු පශු වෛද්‍යවරු ලෙස පත්වීම් ලබා ගත් සියලු දෙනා සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya