මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට අවශ්‍යව ඇත්තේ ධනාත්මක සාමයක්

    අගෝස්තු 19, 2014
    සාම අධ්‍යයනයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය ජොහාන් ගැල්ටොන් කියා සිටින්නේ ධනාත්මක සාමය යනු යුද්ධයෙන් තොර වීම පමණක් නො ව මානව දයාවෙන් පිරි සාමයක් බවත් අපට ශ‍්‍රී ලංකාවේ ගොඩනැගීමට අවශ්‍යව ඇති ධනාත්මක සාමය එය බවත් ඒ සඳහා උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම මගින් අවශ්‍ය නිර්දේශයන් ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසීය.
     
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වෙන සිව්වන ආරක්ෂක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (18) අමතමිනි.
     
    යුද්ධයේ අඳුරු පරිච්ඡේදය අවසන් වී ගත වූ පස් වසර තුළ රට පුරා ලත් ප‍්‍රගතිය, විශේෂයෙන් ස්ත‍්‍රී පුරුෂ, ළමා ළපටි ඇතුළු සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිත කටුයතු සඳහා ආරක්ෂාව සහ සුරක්ෂිත බව ඇති කිරීම දෙසට ලත් ප‍්‍රගතිය ඉමහත්ය. ශ‍්‍රී ලංකාව යුද්ධය අවසන් වී ඉදිරි ගමනේ යෙදුනේ දේශගුණික විපර්යාසයන්, ගෝලීය බලශක්ති මිල වර්ධනය සහ ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල ඉතිරි වී සිටින කොටස් ප‍්‍රචාරණය කළ අසත්‍ය තොරතුරු මත පදනම් වූ ජාත්‍යන්තර බලපෑම් යනාදී බලගතු අභියෝගයන් මධ්‍යයේ ය. 
     
    ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් සීග්‍ර ප‍්‍රගතියක් ලැබූ අතර, මේ වසරේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාර දහස ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බවද ලේකම්වරයා පැවසීය.
     
    ශ්‍රී ලංකාව 2014 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 73 වන ස්ථානයට පත් වූ බව ද සඳහන් කළ ලලිත් වීරතුංග මහතා දකුණු ආසියානු රටවල් අතරේ එහි ඉහළම ස්ථානය ලබා සිටින්නේ ශ‍්‍රී ලංකාව බව මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    තවද ආර්ථික දර්ශක පිළිබඳ විග‍්‍රහ කළ ඒ මහතා ශ‍්‍රී ලංකාවේ දර්ශකයන් දෙස බලන කල්හි 2006 සිට 2009 දක්වා ශ‍්‍රී ලංකාව ප‍්‍රශංසනීය දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් ලබා ඇති බවත් 2009 මැයි මස යුද්ධය අවසන් වූ පසු සීග්‍ර ප‍්‍රගතියක් ලබමින් 2010 දී දළ ජාතික නිෂ්පාදනය 8% දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවත් මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    සිව්වන ආරක්ෂක සමුළුව සඳහා රටවල් 55කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 
    නියෝජිතයෝ 350කට අධික පිරිසක් සහභාගී වී සිටිති. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya