ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 10,000ක පමණ පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව ඡන්ද විමසීම සිදුකරන දින රාජකාරී කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට නියමිතය. ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ රාජකාරී කටයුතුවල නිරත වන නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. DB