අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පස්වරුවේ දිවයින පුරා වැසි

    අප්‍රේල් 05, 2014

    බූස්ස, කඹුරුපිටිය සහ කහඳමෝදර නගරවලට අද හිරු මුදුන් වෙයි

     

    අද (05) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදය කාලයේ දී ද වැසි බලාපොරොත්තු විය හැක .


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (05), දහවල් 12.13ට බූස්ස, කඹුරුපිටිය සහ කහඳමෝදර නගරවලට හිරු මුදුන්ව පවතී. 

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya