මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් කෙටි චිත්‍රපට තරගාවලියක්

    අප්‍රේල් 04, 2014

    ජූනි 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් "සොබා චලන සිතුවම්" නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරගාවලියක් පැවැත්වීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.


    මේ සඳහා ඉදිරිපත් කරන කෙටි චිත්‍රපටයක කාලය උපරිම විනාඩි 05කි. පරිසරය පිළිබඳ ඕනෑම තේමාවක් ඔස්සේ මේ නිර්මාණ ඉදිරිපත් කළ හැකියි. මේ නිර්මාණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ඉදිරිපත් කළ හැකි අතර සිංහල හා දෙමළ භාෂාවලින් කරන නිර්මාණ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි ගැන්විය හැකි නම් වඩාත් සුදුසු බවත් දෙබස් රහිත නම් මෙම කොන්දේසි අදාළ නොවන බවත් පරිසර අමාත්‍යාංශය පවසයි.


    එක් අයදුම්කරුවෙකුට නිර්මාණ එකකට වැඩි සංඛ්‍යාවක් වුවද ඉදිරිපත් කළ හැකි අතර එක් නිර්මාණයක් DVD පිටපත් 03කින් ලබා දිය යුතුයි. එමෙන්ම පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්ට මේ තරගය සඳහා ඉදිරිපත් විය නොහැකියි. තරගයට ඉදිරිපත් කරන චිත්‍රපට සුදුසු අවස්ථාවන්හි දී ප්‍රදර්ශනය කිරීමේ අයිතිය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සතු වේ.


    මේ තරගයේ විනිශ්චය අදාළ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ. තෝරා ගන්නා නිර්මාණ අතරින් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000ක්, දෙවන ස්ථානයට රුපියල් 40,000ක් හා තෙවන ස්ථානයට රුපියල් 30,000ක් ලෙස මුදල් ත්‍යාග, සම්මාන හා සහතිකපත්‍ර ජාතික පරිසර දින සැමරුම් උත්සවයේදී පිරිනැමීමට නියමිතයි.


    මීට අමතරව නිර්මාණකරුවන් 03 දෙනෙකු සඳහා කුසලතා සහතිකපත් හා සමරු තිළිණ ද පිරිනමනු ඇත. මීට අදාළ සියලු නිර්මාණ මැයි 09 දිනට පෙර ප්‍රවර්ධන හා පරිසර අධ්‍යාපන අංශය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, අංක 82, සම්පත්පාය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2863652 දුරකතනය ඔස්සේද දැනගත හැකි බව එම අමාත්‍යාංශ්‍ය පවසයි.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya