අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොතරැයි මණ්ඩලයට බිලියන 18.5ක ආදායම් ඉලක්කයක් Featured

    අගෝස්තු 06, 2014

    ජාතික ලොතරැයි මණ්ඩලය මේ වසර අවසානය වන විට රුපියල් බිලියන 18.5ක ආදායමක් අපේක්ෂා කරන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නාලක කළුවැව මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය මගින් වෙළෙඳපොළට දිනපතා දිනුම් අදිනු ලබන ලොතරැයි 07කුත් විවිධ වර්ගයේ සූරන ලොතරැයි පත් රැසකුත් නිකුත් කර ඇත.

    මෑතකදී දෙසතියකට වරක් දිනුම් අදින ලෙස හඳුන්වා දුන් පවර් ලොටෝ ලොතරැයිය මහජනතාව අතර මුල් දිනුම් ඇදීමේදී ම වඩාත් ජනප්‍රිය වී ඇති බැවින් සතිපතා මෙම ලොතරැයිය දිනුම් ඇදීමට තීරණය කර ඇති බව සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. මෙම ලොතරැයිය රුපියල් 50ක වටිනාකමකින් යුක්ත වේ.

    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන ලොතරැයි සඳහා පවත්නා අධික ඉල්ලුම හේතුවෙන් වසර අවසානය වන විට ජාතික ලොතරැයි මණ්ඩලයට අපේක්ෂිත ආදායම කරා පහසුවෙන් ළඟාවිය හැකි වනු ඇති බවට එහිදී සාමාත්‍යාධිකාරීවරයා විශ්වාසය පළ කළේය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya