අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    අප්‍රේල් 03, 2014

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II වන පන්තියේ "ආ" ඛණ්ඩයේ මෝටර් වාහන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ තරග විභාගය - 2013 (2014) අප්‍රේල් 22 දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරිවාස/ වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරුන්/ වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2013(II)(2014)(වාචික පරීක්ෂණය) ලබන 24 දිනත්

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවල III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013(2014)ත් සබරගමු පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය - 2013ත් ලබන 26 දින පැවැත්වෙනු ඇත.

    ලබන 27 දින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I වන පන්තියේ නිලධාරීන් විශේෂ පන්තියට උසස් කිරීමේ විභාගය - 2013(2014)ත් උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී II පන්තිය තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013(2014)ත් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya