අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජේ.සී. වැලිඅමුණ අක්ත පත්‍ර පිළිගන්වයි

    සැප්තැම්බර් 26, 2019

    ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් වැඩ බාරගත් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ඩේවිඩ් හර්ලි මහතා වෙත සිය අක්ත පත්‍රය ඇතුළත් නිල ලේඛන පිළිගැන්වීය.

    කැන්බරා හි ආණ්ඩුකාර මන්දිරයේ මේ නිමිත්තෙන් පැවතී උත්සවයට ඕස්ට්‍රේලියාවේ විදේශ හා කාන්තා කටයුතු ඇමතිවරයා වෙනුවෙන් විදේශ කටයුතු හා වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් පෙනී විලියම්ස් මහත්මිය හා මහා කොමසාරිස් කාර්යාලයේ නිළධාරීහු ද සහභාගී වී සිටියහ.

    මෙහි දී ශ්‍රී ලංකා මහා කොමසාරිස් වැලිඅමුණ මහතා වෙනුවෙන් ආචාර පෙළපාලියක් හා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබිය.

    අනතුරුව ආණ්ඩුකාර ඩේවිඩ් හර්ලි මහතා සහ වැලිඅමුණ මහතා අතර සාකච්ඡාවක් ද පැවති අතර එහි දී ඒ මහතා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සුභ පැතුම් ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීය.

    ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පවතින් දීර්ඝ කාලින මිත්‍ර සබඳතා තවත් ශක්තිමත් අයුරින් පවත්වාගෙන යාමේ වැදගත්කම ආණ්ඩුකාරවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya