අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්කයන්හි ස්ථාපිත කර ඇති ආරක්ෂිත ස්ථාන 72 ක් තුළ පීඩාවට පත් 42,000 කට අධික පිරිසක්

    සැප්තැම්බර් 26, 2019

    මේ වන විට දිස්ත්‍රික්කවලට පැවති ආපදාවන්හි යම් අඩු වැඩි වීම් කිහිපයක් වාර්තා වී ඇත.කළුගගේ මිල්ලකන්ද  ප්‍රදේශයේ තවදුරටත් ගංවතුර තත්වයක් පවතින අතර ගිංගග ආශ්‍රිත බද්දේගම සහ තවලම යන ප්‍රදේශද තවමත් පවතින්නේ ගංවතුර තත්වයේය.

    පෙරේදා දිනයේ පටන් ගංවතුර ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමට පියවර ගත් නිසා මේ වන විට බොහෝ පිරිස් ගංවතුර අවධානමට ලක්ව ඇති ප්‍රදේශ වලින් ඉවත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්ස‍යස්හථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

    කළුතර,කොළඹ,ගම්පහ,ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ආරක්ෂිත ස්ථාන 72 ක් මේ වන විට ස්ථාපිත කර ඇති බවත් පීඩාවට පත් 42,000 කට අධික පිරිසක් එම ආරක්ෂිත ස්ථාන තුළ රැදී සිටින බව ඒ මහතා පැවසීය.ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික සහන සේවා මධ්‍යස්ථානය ඇතුළු ආපදා අංශ පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර තිබේ.

    පූර්ණ වශයෙන් සිදුවූ නිවාස හානි ගණන 39 ක් වන අතර අර්ධ වශයෙන් සිදුවූ නිවාස හානි ගණන 1000 කට අධික බවත් වාර්තා වී ඇත.මෙසේ හානියට පත් නිවාසවල වටිනාකම මේ වන විට තක්සේරු කර තිබෙන අතර ජාතික රක්ෂණ භාර අරමුදල හරහා පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හානියට පත් නිවාස සදහා උපරිම ලක්ෂ 25 දක්වා වන්දි ලබාදීමට කටයුතු කර ඇති බව කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.

    කළුතර,කෑගල්ල,රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා පැනවූ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර පොළොවේ ඉරිතැලීම්,ගස් ඇලවීම්,බිත්තිවල ඉරිතැලීම් සහ ආගන්තුක ජල උල්පත් මතුවීම වැනි නායයාම් පූර්ව ලක්ෂණ ඇතිවූ වහාම එවැනි අවදානම් ස්ථාන වලින් ඉවත්වන ලෙස කොඩිප්පිල් මහතා ජනතාවට උපදෙස් දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya