අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සාම හමුදා ගැටලුව ගැන විදේශ ලේකම් එ.ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කිරීමට යයි. Featured

    සැප්තැම්බර් 26, 2019

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකය හා මාධ්‍ය නිළධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    එක්සත් ජාතීන්ගේ 74 වැනි මහා සභා සැසි වාරය සදහා සහභාගීවන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය උසුලන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හෙට(27) එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උපලේකම්වරයා හමුවීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීමේ ගැටලු කාරීත්වය හේතුවෙන් දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික හමුදා ඒකකයෙන් සහ තවත් නිළධාරීන් නැවත ශ්‍රී ලංකාවට යැවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක වරයා ඊයේ (25) ප්‍රකාශ කොට තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya