අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත එස්. ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරේ Featured

    සැප්තැම්බර් 26, 2019

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 60 වන ගුණ සමරු උත්සවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (26* පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියස දී පැවැත්විණි. 

    ස`ග, වෙද, ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගය එක්කර ගනිමින් මෙරට දේශපාලන ගමන්මග තීරණාත්මක වෙනසකට ලක් කළ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 60වන ගුණ සමරුව අදට යෙදී තිබේ.
    ඒ හා සමගාමීව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරිණි.
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප‍්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක් වූ අතර අනතුරු ව ජනාධිපතිතුමා සමාධිය අභියස මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වී ය.
    කථානායක කරූ ජයසූරිය සහ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, සරත් ඒකනායක යන මහත්වරුන් ඇතු`ථ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැුසක් මෙම අවස්ථාවට එක් වූහ.
    සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශී‍්‍ර ආනන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රධාන අනුශාසනාව සිදු කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya