අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ධිවර සංස්ථාවේ නව අලෙවි සැලෙන් වාර්තාගත මත්ස්‍ය අලෙවියක් Featured

    සැප්තැම්බර් 20, 2019

    ලංකා ධීවර සංස්ථාවේ නව අලෙවි සැලෙන් වාර්තාගත මත්ස්‍ය අලෙවියක්       

      ජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිළට නියම බරට අළුත් මාළු ලබා දීමේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ වැඩපිළිවෙල යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී ඊයේ [ 19 ] වීවෘත කළ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය මුල් පැය කිහිපය තුල මත්ස්‍ය අලෙවියෙන් නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ .

           ඒ අනුව මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක් එම කාලය තුල අලෙවි කිරීමට හැකි වූ බව ලංකා ධීවර සංස්ථාව පැවසිය . මේ අනුව මුල් දින අලෙවියෙන් ලද ආදායම රුපියල් ලක්‍ෂ පහමාර ඉක්ම වීමට හැකි වී ඇත .

           ප්‍රධාන නගර ආශ්‍රිතව නව මත්ස්‍ය අලෙවි සල් වීවෘත කිරීම මගින් ජනතාවට ගුණාත්මක , අළුත් මාළු පහසු මිලට ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ ආරම්භ කල මෙම අලෙවි සැල වීවෘත කිරීමත් සමග මාළු මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම් ගැසී සිටි අයුරු දැක ගත හැකි විය .

          ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවි සැල නුවර පාර , තිහාරිය නගරයේදී ඊයේ වීවෘත කල මෙම අලෙවි සැලය . සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා ගුණාත්මක මාළු රට මැද ජනතාව ද ඇතුළු සියළු ජනතාවට ලබාදීමේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රාදේශීය අලෙවි සල් ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරීමට ලංකා ධීවර සංස්ථාව කටයුතු කළේය .

         ඒ අනුව ලංකා ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්‍ෂ එන්.ආර්.සී.ජි.ද සිල්වා මහතා විසින් නුවර පාර , තිහාරිය නගරයේ නව මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය වීවෘත කරණු ලැබිය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya