අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය- ජූනි 23 -ජූලි 01 දක්වා- දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි Featured

    ජූනි 25, 2019

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ''ජාතික මත්ඩ්‍රව්‍ය නිවාරණ සතිය''ට සමගාමීව පාසල්,ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ මහජන  සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

    ජූනි 26 දිනට යෙදෙන ''මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා  කරගනිමින් මෙම ජාතික සතිය ක්‍රියාත්මක වෙයි.

    ජූනි 24 ඊයේ දින සිට එළඹෙන 30 වැනි දින දක්වා විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් දිවයින පුරා වැඩසටහන්  ක්‍රියාත්මක වෙයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ජූලි 01 දින පෙ.ව.9.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

    ජනාධිපති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,ප්‍රජා පාදක විශෝධන  දෙපාර්තමේන්තුව,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya