අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනපතිගේ පැසසුමට Featured

    ජූනි 23, 2019

    ජාතික ව්‍යසනයක්ව පවතින නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගැයීමට ලක් වෙයි.

    ත‍්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ නිලධාරින් අධිකාරියට පත් කිරීමේ උලෙළ සේනාධිනායක ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ති‍්‍රකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    රටේ ආර්ථික සංවර්ධනය සේම යහපත් විනයගරුක සමාජයක් ගොඩනැගීමට සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ දී ති‍්‍රවිධ හමුදාව ලබාදෙන පුළුල් දායකත්වය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ති‍්‍රවිධ හමුදාව ඉටුකළ අනුපමේය මෙහෙවර ද ජනාධිපතිතුමාගේ සුවිශේෂි පැසසුමට ලක් විය.

    අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ට ගමන්මග ද මෙහිදී අභිමානයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා, එම ගමන් මගේ දී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු සහ ආබාධිත වූ සියලු විරුවන් කෘතවේදිව සිහිපත් කළේය.

    ති‍්‍රකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 32 (තාක්ෂණික) සහ 33 වන ශ‍්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය සහ 59 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම්වලට අයත් මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී.

    ශ‍්‍රී ලංකා නාවික හමුදාව සතු 4 වන වේග ප‍්‍රහාරක යාත‍්‍රා සමූහය අධිකාරියට පත් කර ජනාධිපති වර්ණ ප‍්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

    ති‍්‍රකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප‍්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ විචිත‍්‍රවත් අධිකාරියට පත් කිරීමේ උලෙළකින් පසු ඔවුන් විසිර ගිය අතර, පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරින්ට විශේෂ සම්මාන ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය අවුරුදු කිහිපය පුරාවට ඉතා කැපවිමෙන් අවසන් කල දුෂ්කර වූ පුහුණුව තුළින් ලබාගත් ශාරිරික හා මානසික ධෛර්යය මෘතෘ භූමියේ උන්නතිය සහ නාවික හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ලබාදීමට විසිර යන සියලූ නිලධාරින් කටයුතු කරනු ඇති බවයි. තම දරුවන් මාතෘ භූමිය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙත දායාද කර දුන් දෙමාපියන්ට ද තම ස්තූතිය පුද කළ ජනාධිපතිතුමා විසිර ගිය තරුණ නිලධාරින්ට සිය සුභාශිංසන පළ කළේය.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නැගෙනහිර නාවික ප‍්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, විසිර ගිය නිලධාරින්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්, මෙම උලෙළට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya