අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරිමේ මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූනි 06, 2019

    ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ඌව පාර්ශ්වයෙහි කොළඹ නව කෝරළය හා නව තොටමුණේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය තුම්බෝවිල ධර්මකීර්ති ශ‍්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරිමේ මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

     

    උසස් භික්ෂු ආකල්ප සහිතව අඩ සියවසකට ආසන්න පැවිදි ජීවිතයක් ගත කරමින් මෙරට සඟ සසුන ප‍්‍රභාවත් කරන සංඝ පීතෘවරයන් වහන්සේ නමක් මෙන්ම ග‍්‍රන්ථකරණයේ නියැළෙන විද්වත් ලේඛක ස්වාමින් වහන්සේ නමක් වූ ද, විචිත‍්‍රවත් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ ද අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ සම්බුද්ධශාසනයත්, සමස්ථ මානව සමාජයත් වෙනුවෙන් ඉටුකරන විශිෂ්ට සේවාව අගමින් ඌව පාර්ශ්වය මඟින් ,සද්ධර්ම කීර්ති ශ‍්‍රී ගුණනාන්ද පඤ්ඤාසාර, යන ගෞරව නාමය සහිතව අභිනව ප‍්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමා තිබේ.

    අභිනව මහා නාහිමියන් වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උපහාර තිළිණ ද පිළිගැන්විණි.

    මහාවිහාරවංශාලංකාර ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ඌව පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවති පුණ්‍යෝත්සවයට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය තලගල සුමනරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පා.ම ගාමිණි ලොකුගේ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරින්, දායක සභාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya