අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය අදයි... Featured

    ජූනි 05, 2019

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද(05) දක්වා ගෙවුණු සතිය ''ජාතික පරිසර සතිය'' ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබුණි.

    මැයි 30 වනදා පරිසරය පවිත්‍ර කිරිමේ හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කර දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් සංවිධානය කර තිබුණි.

    අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනෙකු අතරින් නව දෙනෙකුම ජීවත් වනුයේ, ජීවත් වීමට සුදුසු වාතාශ‍්‍රයකින් යුතු පරිසරයක නොවන බව සොයාගෙන තිබෙන අතර, නවතම සොයාගැනීම අනුව අපිරිසිදු වාතය ආඝ‍්‍රාණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන පිරිස මිලියන 07 කට ආසන්න බව ඇස්තමේන්තු කර ඇත. මෙසේ මිය යන පිරිසෙන් මිලියන 04ක පමණ ප‍්‍රමාණයක් ආසියානු හා ශාන්තිකර කලාපීය රටවල්වලින් වාර්තා වේ.

     එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පරිසර දින තේමාව ˝ වායු දූෂණය˝ ලෙස නම් කර තිබේ.

    වායු දූෂණය ස්වභාවිකව වෘක්ෂලතා මඟින් අවම කරන අතර, රට තුළ සුවදායී පාරිසරික තත්ත්වයක් ඇති කිරීමෙහිලා ප‍්‍රශස්ත වන ආවරණයක් පවත්වාගෙන යෑම බෙහෙවින්ම උපකාරී වේ. එබැවින්, මෙවර පරිසර දිනය ශ‍්‍රී ලංකාව සමරනු ලැබුවේ ˝තිරසර වන කළමනාකරණයක් මඟින් වායු දූෂණය අවම කිරීම˝ යන තේමාව යටතේ යි. ඒ වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 03 වන දා ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම සිදු විය.

    රටක් වශයෙන් මුහුණ දෙමින් පාරිසරික අභියෝගයන් ජයගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට අමතරව පාරිසරික ඇමැතිවරයා ලෙස පසුගිය සිව් වසර පුරා දැරූ උත්සාහය ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද පැසසුමට ලක්ව ඇත. මෙරට තුළ පරිසර සුරක්ෂාව වෙනුවෙන් කරන ලද මෙහෙයත් ආසියාකරය ඒ වෙනුවෙන් උනන්දු කරවීමත් ජනාධිපතිවරයා ජාතික මෙන්ම අන්තර්ජාතික පරිසරවේදීන්ගේ ඇගයීමටද ලක්විය.

    පරිසර සංවේදී ප්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් පරිසර විෂය භාර අමාත්‍ය‍වරයා ලෙස ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ පාසල් දරුවන්, රාජ්‍ය සේවකයන් සහ පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක් මෙම සතිය පුරාම ක්‍රියාවට නංවා තිබුණි.

     මීතොටමුල්ල උද්‍යානයේ පැළ සිටුවීමේ වැඩසටහනක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය.ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු කිරීමට නියමිතය.

    දිනෙන් දින ඉහළ යන වායු දූෂණය නිසා ප්‍රධාන නගර ආශ්‍රිතව දෛනිකව පවතින වායුගෝලීය තත්වයන් නිරීක්ෂණය කරමින් සමස්ත ජනතාව වෙත එම තොරතුරු ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියද නව වැඩපිළිවෙලක් අරඹා ඇත. බත්තරමුල්ල සහ මහනුවර නගර දෙක තුළ නව මධ්‍යස්ථාන 2ක් ඒ සඳහා ස්ථාපිත කිරීමට නියමිත අතර ලෝක පරිසර දින ජාතික උත්සවයට සමගාමීව හෙට(06) දිනයේදී ජනාධිපතිතුමන් විසින් එම මධ්‍යස්ථාන 02 නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya