අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාම් දහමේ සැබෑ හරය පළුදු කරන අන්තවාදීන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි

    ජූනි 05, 2019

    ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් උත්සව සමය කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමලාන් දින සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය-

    ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් උත්සව සමය කදිම අවස්ථාවකි. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව එම ආගමික වටිනාකම් ඔස්සේ ජීවිතය ගත කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු.


    මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය පරිත්‍යාගශීලීත්වයේ, සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි. තණ්හාව, ආශාව, ආත්මාර්ථය ආදී දුර්ගුණ දමනය කර, මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය වැනි යහගුණ ඉස්මතු කිරීමට මෙහි දී ප්‍රමුඛ අවධානය යොමු වේ.


    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ, මුස්ලිම් ජනසමාජයෙන් ඉතා සුළු පිරිසක් තම දහම තුළ පවතින මෙම උතුම් හර පද්ධතීන් බැහැර කරමින්, අන්තවාදය දෙසට ඇදී යාමේ භයානක ප්‍රතිඵල ය. ඉස්ලාම් දහමේ සැබෑ හරය පළුදු කරන මෙම අන්තවාදීන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.


    ජාති, ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම අභිවෘද්ධිය කරා ගෙන යමු. නිදහස, සමානාත්මතාවය, මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනංවන්නට අපි සැම කැපවෙමු. ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya