අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු උත්තම ප්‍රණාම සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් Featured

    මැයි 15, 2019

    යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේ රණවිරු උත්තම ප්‍රණාම සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 19 වන ඉරිදා පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පැවැත් වීමට සියළු කටයුතු සංවිධානය කර තිබේ.

    මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද(15) උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත් විණි.

    යුද්ධයේදී රණවිරුවන් 28,862ක් මිය ගිය අතර 48,415ක් රණවිරුවන් තුවාල සහ ආබාධ වලට ලක් වී තිබේ. මේ සෑම රණවිරුවෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල අයට කෘතඥතාවය දැක්වීමට හා අනුස්මරණය කිරීමට රජය සෑම වසරකම මෙම රණවිරු සැමරුම් දිනය පවත්වයි.

    සියළුම රණවිරුවන් සංකේතවත් කරමින් රණවිරුවන් 30කට පුෂ්පෝපහාර දැක්වීම මෙදින සිදු වේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රණවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.
    මේ සඳහා රණ විරු පවුල් වල සාමාජිකයන් 6000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ ප්‍රවාහන පහසුකම් සියල්ල සපයා ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ජේ.ජේ.පී.එස්.ටී ලියනගේ (විශ්‍රාමික) මහතා පැවසිය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ, අවුරුදු 30ක යුද්ධය නිමා කරමින් ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගේ ජීවන තත්වය ගොඩ නැංවීම උදෙසා රණවිරු අධිකාරිය විවිධ ව්‍යපෘතින් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.
    මිය ගිය රණවිරුවන්ගේ පවුල් වල අයට, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහාද ආබාධිත රණවිරුවන්ගේ මානසික තත්වය නගා සිටුවීම සඳහා විවිධ ස්වයංරැකියා සඳහා ඔවුන් යොමු කරවීම,5% අඩු පොළි නිවාස ණය ලබා දීම ආදිය මේ අතර වේ.

    තවද ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීම යටතේ ආබාධිත රණවිරුවන්ගේ වැටුප අවුරුදු 55 තෙක් නොව ඔවුන් මිය යන තෙක්ම ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් තිබෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.ඩී හේමචන්‍ද සහ නියෝජ්‍ය සභාපති රංජිත් මීගස්වත්ත යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya