අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි Featured

    මැයි 13, 2019

    රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ   (12) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟ ගාල්ල දක්ෂිණ පාය ගොඩනැගිල්ලේ පැවති හමුවට එක්වෙමිනි.

    රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මෙම හමුවීම් මාලාව සංවිධානය කර තිබේ.

    නැගෙනහිර පළාත් සහ මධ්‍යම පළාත් හමුව පසුගිය දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    අද පැවති ගාල්ල දිස්ත්‍රික් සහ කලුතර දිස්ත්‍රික් හමුවට ද පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මැති ඇමතිවරු, පළාත් පාලන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.

    ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා මෙහිදී දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරිණි.

    ගාල්ල දිස්ත්‍රික් හමුව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට අනාරක්ෂිත බව පෙන්වීමේ උත්සහයක මේ වන විට ඇතැම් පිරිසක් නිරතව සිටින බවයි. එබැවින් මෙම අවස්ථාව සියලු ජනතාව අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    ත්‍රස්තවාදී සිදුවීමෙන් බාහිරව සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අසමඟියක් ගොඩනැඟීමට රට තුළ ක්‍රියාත්මක උත්සාහය පිළිබඳව ද ජනාධිපතිතුමා සියලු දෙනාගේ අවධානය යොමු කළේය. රටේ ජනකොටස් අතර තිබිය යුතු විශ්වාසය සහ අවබෝධය තහවුරු කරමින් සාමකාමී සමාජයක් ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමට මෙන්ම අනවශ්‍ය සහ ජනතාව බිය වැද්දීමේ ප්‍රකාශවලට හසු නොවී දෛනික ජන ජීවිතය යථාවත් පරිදි පවත්වාගෙන යාම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට සියලු ආගමික නායකයන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජියන් ඇතුළු රාජ්‍ය සේවකයන් ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළකට අවතීර්ණවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    අමාත්‍යවරුන්වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අමාත්‍ය විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ ද, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ජනාධිපතිතුමා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් හමු විය.

    අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහින්ද අමරවීර, ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පළාත් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඊට ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya