අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහවුරු කළ තොරතුරු කෙරෙහි විශ්වාසය තබාගන්න- යුද්ධ හමුදාපති Featured

    මැයි 12, 2019

    ජනතාව දැන ගත යුතු දේ දැනගත යුතු වුවත් තහවුරු වූ තොරතුරු කෙරෙහි විශ්වාසය තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි.

    අප්‍රේල් 21 දින එල්ල වූත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිරු මාධ්‍ය නාළිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව පැවසී ය.

    එහිදී අඳහස් දැක්වූ යුද්ධ හමුදාපති;

    බුද්ධි අංශ දුර්වලයි කියනවාට වඩා,පසු බෑමකට ලක් වුණා කියා කියන්නට පුළුවන්.එය බලහත්කාරයෙන් දුර්වල කිරීමක් නොවෙයි.මේ කණ්ඩායම් පිළිබඳව අපේ බුද්ධි අංශ සොයා බැලුවා.එම කණ්ඩායම් ලබාදෙන තොරතුරු අනුව දැන් කටයුතු සිදුවන්නේ.

    මේ වනවිට අන්තවාදීන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගත්තේ අපේ ක්‍රියාන්විතයක් සිදුවන නිසයි.අන්තවාදී අඳහස් දරන අයගෙත් කොටස් ඉන්නවා. මරාගෙන මැරෙන,මරාගෙන මැරීම සඳහා දිවුරුම් දුන්න.දිවුරුම් දීලා පැනගිය,සහ වටපිටාවේ කටයුතු කරමින් සිටින අය වශයෙන් කණ්ඩායම් ගොඩක් ඉන්නවා.

    ඒ පිළිබඳව පරීක්ෂණ පැහැදිළිව සිදු වෙනවා.ජනතාව කලබල වී තිබෙන්නේ කතාවේ දෙවැනි කොටස දැක නැති නිසයි.යුද්ධ හමුදාවෙන් අත් අඩංගුවට පත් අය නිදහස් වීමක් සිදු කර නෑ.අප කටයුතු කරන්නේ පොලීසිය සමඟ නොවේ, ත්‍රස්ත විමර්ශන ඒකකය සමඟයි.එය පොලීසියේ කොටසක්.යුද්ධ හමුදාවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සමඟ පැහැදිළි අවබෝධයක් තිබෙනවා.

    මම මැතැනදි නිවැරැදි කිරීමක් කරන්නට ඕන.රජය කියන වචනයෙන් බැහැර වන්න කියලා මම  කියනවා.මෙතැනදි අවශ්‍ය කරන්නේ,රඟ පෑම නොවෙයි.මාධ්‍ය වාරණයක් නොවේ.ජනතාව දැනගත යුතු දේවල් තිබෙනවා. ඒ නිදහස මේ රටේ තිබිය යුතුයි.නමුත් නිල ඇදුම් ඇදගත් අයට මෙය රඟ පෑමේ අවස්ථාවක් කරගන්නට බෑ. මම උදාහරණයක් කියන්නම්, දින තුනකට පෙර මාධ්‍ය පෙන්වනවා, පාරේ වැටිල තියෙන බෝර 12 තුවක්කුවක පතුරමක්.එය පෙන්වන කාලය හරියට ආර්.පී.ජී.දහයක් හම්බ වුණා වගේ.ඊ ළඟට බෝර 12 නොවෙයි 16 හෝ 12 කොටන තුවක්කු අත් අඩංගුවට ගත්තම් මේ වැටලුම් වලදී ඒවා මේසයක් උඩ තියාගෙන පෙන්වන පෙන්නිල්ලට ආරක්ෂාවට වාසියක් නම් නෑ.

     

    ඒ වගේ දෙවල් නොවෙයි අපේ රට දැකල තිබෙන්නේ.කඩු කිනිසිත් එසේමයි. මම එතැන දකින්නේ ජනතාව දැනගත යුතුයි යුද්ධ හමුදාව සහ පොලීසිය මේ ක්‍රියාන්විතයේ යෙදෙන බව ලබාගන්නා දේ පෙන්වන ආකාරයේ තත්ත්වයක් තිබෙන්නේ.අල්ලා ගත්ත එක පෙන්වා එකයි,එය තප්පර ගානයි,මෙහි රඟපෑමක් කරන්නට 10ක් 15ක් වටකරගෙන සොට් ගන් එකක් පෙන්නගෙන මේ රඟ පෑමෙන් මේ ප්‍රශ්නය.හිතනවා ඇති එල්.ටී.ටී. එකට මොනවද තිබ්බේ කියලා.සොට් ගන් තුනකට ලංකාවම පාසල් යන්නේ නැත්නම්,කඩු පන්සීයකට ලංකාවම පාසල් යන්නේ නැත්නම් මම හමුදාපති හැටියට කල්පනා කරනවා මේ රටේ මොනවද තියෙන්නේ කියලා.මීට වඩා පාතාලයේ තියෙනවා.

     මෙහෙයුම්වල දී සොයාගත් දෑපෙන්වීමෙන් ජනතාවට තිබෙන සැකකය යම් තරමකට දුවන්නේ නැති දැයි මාධ්‍යවේදී විමසා සිටි අතර එයට පිළිතුරු දුන් හමුදාපතිවරයා මෙසේ ද පැවසීය.

    සැකයට වඩා භීෂණයක් ඇතිවන බවයි මා දන්නේ.ඊට වඩා තහවුරු වූ තොරතුරු සමඟ බලධාරීන් කතා කරනවා නම් ඔවුන් කෙරෙහි විශ්වාසය තබා ගැනීම පමණක් ප්‍රමාණවත් කියලයි මා දකින්නේ.එසේ නොමැතිව නාට්‍ය මාලාවක් බලනවා වගේ පැයෙන් පැයට මාරු කර කර එකම දෙය බලන එක නොවෙයි මම දකින්නේ . මෙතැන තිබෙන්නේ විශ්වාසයයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍යවෙත නිකුත් කරන තැන් පිළිබඳව ජනතාවට විශ්වාසයක් තිබිය යුතුයි.මොකක්ද පෙන්විය යුත්තේ කියලා තීරණය කළ යුතුයි.මේ අවස්ථාවේ වැඩපිළිවෙලක් සිදු වෙමින් පවතිනවා. ජනතාව දැන ගත යුතු දේ දැනගත යුතුයි.

    තහවුරු නොවූ තොරතුරු ඔවුන් එය ටයිප් කර අනෙක් අයට බෙදා හරිනවා. වරදක් පැහැදිළිව සිදුව තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම බරපතල වරදක්. තහවුරු වූ පුවත් ගැන මා වගකියනවා. ලිපි සමාජ මාධ්‍ය වෙත යොමු කළ අය ගැන විමර්ශන කෙරෙනවා යැයි ද හමුදා ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya