අමාත්‍ය මණ්ඩල තීරණයක් මත අගෝස්තු 01වැනිදා සිට තැපැල් ගාස්තු ඉහළ දැමේ. මේ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් පහේ සිට රුපියල් 10 දක්වා සියයට සියයකින් වැඩි වේ. සංශෝධිත තැපැල් ගාස්තුව සහිත ගැසට් නිවේදනය ලබන මස සිට නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. වසර තුනකට වරක් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සාමාන්‍ය සිරිත වුව ද තැපැල් දෙපාර්තමේන්තුව අවුරුදු හයකින් තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැත. DB