අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීගිරිය නැරඹීම නවතා දමා නෑ

    ජූලි 28, 2014
    ඓතිහාසික සීගිරිය සිංහපාදයෙන් ඉහළ කොටස නැරඹීම සංචාරකයින්ට තාවකාලිකව නවතා දමා තිබෙන බවට වැරදි ප්‍රචාරයන් සිදු කරන බවත් එසේ වසා දැමීමක් සිදු කොට නොමැති බවත් සීගිරිය ව්‍යාපෘති කළමනාකරු කේ.බී. චන්දන වීරසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    උදෑසන  කාලයේ දී පවතින කාලගුණ තත්ත්වය අනුව ඉහළ කොටසට දැඩි සුළං තත්ත්වයන් පවතින බැවින් එවැනි අවස්ථාවලදී බඹර කූඩු ඇවිස්සීමේ අවධානමක් පවතින බව ඒ මහතා අවධාරණය කළේය. 
     
    එහෙත් සංචාරකයින්ගේ කැමැත්ත පරිදි සීගිරිය සිංහ පාදයෙන් ඉහළ කොටස නැරඹීමට හැකි බව ද වීරසේන මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya