අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    ජූලි 28, 2014

    (sinhala.news.lk) අද (28) පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරේ වෙරළට ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    මන්නාරම  සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.
     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya