මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග‍්‍රාමශක්ති බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව අද ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 18, 2019

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  අද (18) පෙරවරුවේ ගම්පහ, හේනේගම ප‍්‍රදේශයේ දී පැවැත් වේ.

    2018 වසරේ දී කොළඹ දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමශක්ති සමිතිවලට ලබා දුන් ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් මිලියන 47 කි. ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 39 ක් සහ කළුතර දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 42 ක් ලබා දී තිබේ.

    23,43,000 ක් ජීවත්වන කොළඹ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 0.9‍්‍% කි. 23,72,000 ක් ජීවත්වන ගම්පහ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 2.0‍්‍%ක් වන අතර 12,81,000 ක් ජීවත්වන කලුතර දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 2.9‍්‍% කි.

    එම දිළිඳු ජනතාවගේ ආර්ථික සමෘද්ධිය උදාකිරීම වෙනුවෙන් වැඩසටහන් රැුසක් පසුගිය වසර තුළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා දියත් කර තිබුණි. එම වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් මතුව ඇති ගැටලු පිළිබඳවත් හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ දී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරේ.

    පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී පළාතේ ජනතාව මුහුණදී ඇති සෙසු ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇත.

    එමෙන්ම බස්නාහිර පළාත් ග‍්‍රාමශක්ති සමිති සහ පෞද්ගලික සමාගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට හෙට අත්සන් තැබෙන්නේ ග‍්‍රාමශක්ති සමිතිවල නව නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි.

    ග‍්‍රාමශක්ති වැඩසටහන මෙතෙක් පැවති සමාජ සුබසාධන වැඩසටහන්වලින් කැපී පෙණෙන ලෙස වෙනස් වන ලක්ෂණ කිහිපයක් තිබේ. ග‍්‍රාමශක්ති වැඩසටහන සම්පාදනය කර තිබෙන්නේ මෙතෙක් සිදුකරන ලද ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම ආදි සියලු වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. ඒ සියල්ලටම වඩා ප‍්‍රගතිශීලි සහ ජනතාවාදී වැඩසටහනක් ලෙස ග‍්‍රාමශක්ති ක‍්‍රියාත්මක වේ.

    පළමු වරට, ජනතාව දේශපාලනඥයාගේ අතකොලුවක් නොවී, නිලධාරිවාදයට යටත් නොවී, ගමේ ජනතාවට එක්ව සාමුහිකව තීරණ ගැනීමේ අවස්ථාව ලබා දීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කටයුතු කර තිබේ. ගමේ සංවර්ධනය ගැන සියලු තීරණ ගනු ලබන්නේ ග‍්‍රාමශක්ති සමිති විසිනි.

    මෙතෙක් පැවති සමාජ සවිබල ගැන්වීම් වැඩසටහන් මගින් සිදු කෙරුණේ, ජනතාවට ආණ්ඩුවෙන් මූල්‍ය හෝ වෙනත් ආධාර ලබා දී නැගී සිටීමට දිරි දීමයි. එහෙත් ග‍්‍රාමශක්ති එසේ නොවේ. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ජනතාව යන පාර්ශ්ව තුනම ඒකරාශි කරන්නේ ග‍්‍රාමශක්ති වැඩසටහන පමණි.

    නිෂ්පාදනය නගා සිටුවීම මෙන්ම අන්ත දුගී භාවයෙන් මිදීම යන කාර්යයන් දෙකම එකවිට ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ඉටු කෙරේ. එමෙන්ම තරුණ ප‍්‍රජාව සහ කාන්තාව ප‍්‍රමුඛ වන පරිදි නිර්මාණය කරන ලද පළමු ජාතික මට්ටමේ ආර්ථික සුභසාධන වැඩසටහන ද ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයයි.

    බස්නාහිර පළාත් ග‍්‍රාමශක්ති ග‍්‍රාමීය වැඩසටහන හෙට ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya