අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුගීභාවය පිටුදැකීමේ ජනපතිගේ වැඩපිළිවෙළ ප්‍රශංසනීය යි

    පෙබරවාරි 17, 2019

    දුගීභාවය පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළත් සමග ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපති ආචාර්ය ්‍ය්රඑඅසබට ීජය්fැර මහතා පවසයි

    .දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ උප සභාපතිවරයා  (15) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

    අද ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව විසින් හඳුනාගෙන තිබෙන බව සඳහන් කළ උප සභාපතිවරයා ඒකපුද්ගල ආදායම මේ වන විට ඩොලර් 4000ක් බවට පත්ව තිබීම ද ඉතා සතුටුදායක තත්ත්වයක් බව කියා සිටියේය. ග්‍රාමීය වශයෙන් දිළිදු බව තුරන් කරමින් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති ඒ උදෙසා මහඟු පිටිවහලක් වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    මේ අතර ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණ සහ පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද මෙහිදී උප සභාපතිවරයාගේ එකඟතාවය පළ කෙරිණි. වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය අරඹා ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.එමෙන් ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයට ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

    ජල ගැල්මට ගොදුරු වන ප්‍රදේශවල සිට නිකරුණේ මහ මුහුදුට ගලා යන එම ජල කඳ නළ මාර්ගයෙන් වියළි කලාප වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ උප සභාපතිවරයා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බලන බවට ජනාධිපතිතුමා වෙත සහතික විය.

    ශ්‍රී ලංකාවේ නීල හරිත කෘෂිකර්ම හා පරිසර ව්‍යාපෘති සඳහා ලබාදිය හැකි ආධාර පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර කැළණි ගඟ ඉවුරු ශක්තිමත් කිරීම තුළින් කැළණි ගඟ අවට ප්‍රදේශවල ඇතිවන ගංවතුර පාලනය සඳහා ලෝක බැංකු අධාර යටතේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව ද උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ලෝක බැංකුව විසින් ලබාදෙන සියලු ආධාර දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව විධිමත් අයුරින් අදාළ සංවර්ධන කටයුතු සඳහා අයෝජනය කරන බවට පැහැදිළි සහතිකයක් තමාට ලබා දිය හැකි බවයි.

    ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya