අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71 වැනි ජාතික දින උළෙල අද අභිමානවත්ව සැමරේ Featured

    පෙබරවාරි 04, 2019

    71 වැනි ජාතික දින උළෙල අද (4) කොළඹ, ගාලුමුවදොර  අභියස දී අභිමානවත්ව පැවැත්වෙයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්  නිදහස් දින උළෙල පැවැත්වෙයි.

    මේ අවස්ථවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මාලදිවයින  ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලික් මැතිතුමා සහ ෆස්නා  අහමඩ් මැතිණිය සහභාගීවීම සුවිශේෂී සිදු වීමයි.

    ජාතික දින සැමරුම ආරම්භ වීම පෙ.ව. 8.00ට ආරාධිත  අමුත්තන් සිය ආසනවල අසුන් ගැනීමෙන් අනතුරුව ආරම්භ  වෙයි. ඉන් අනතුරුව සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම සිදු  වෙයි.අග්‍රාමාත්‍යවරයා, මාලදිවයින ජනාධිපතිවරයා සහ ශ්‍රී  ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ  සම්ප්‍රාප්තිය සිදු වෙයි. ඉන් අනතුරුව මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීම සිදු කරයි.

    පාසල් සිසුසිසුවියෝ විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කරන අතර ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය,භෞමික  අඛණ්ඩතාවය, තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලු ම ශ්‍රී  ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක  නිශ්ශබ්දතාවක් පැවැත්වෙයි.

    ඉන් අනතුරුව ජනාධිපති උත්තමාචාරය සිදු කරයි. අතිගරු ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම  සිදු කෙරේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ජාතිය ඇමතීම සිදු කරයි.

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්Sජ බලකාය,ජාතික  ශිෂ්‍ය භට බලකාය,විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය  සහ සංස්කෘතික උළෙල වර්ණවත් කරයි පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන්  දෙමළ බසින් ජාතික ගීය ගයනා කිරීමේ අනතුරුව  අභිමානවත් ජාතික දින උළෙල නිමාවට පත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya