අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ - කන්කසන්තුරය දක්වා ‘උත්තර දේවී’ දුම්රිය මංගල ගමන අරඹයි - ජනපති එක්වෙයි

    ජනවාරි 27, 2019

    කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවී දුම්රිය අද (27) සිය මංගල ධාවනය ආරම්භ කළේ ය.

    මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඉන්දියානු මහකොමසරිස් Taranjit Singh Sandhu මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක් විය.

    දුම්රිය ගමනේ දී   අතිගරු ජනාධිපතිතුමා විසින් මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා දුම්රියේ ගමන් ගත් මඟී ජනතාව වෙත බෙදා දීමක් ද සිදු කළේ ය. අතිගරු ජනාධිපතිතුමා මහජනතව සමඟින් දුම්රියේ ගමනට එක්වීමද සුවිශේෂී සිදු වීමක් විය.

    ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් එස් – 13 වර්ගයේ විදුලි ද්විත්ව බල යෝධ කට්ටලය මගී ප්‍රවාහනය සදහා  මෙසේ එක්විය.

    ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් මෙම බලයෝධ කට්ටලය කොළඹ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරයි.

     කොළඹ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන මෙම දුම්රිය කිලිනොච්චිය හා යාපනය දුම්රිය ස්ථානවල නතර කෙරෙන අතර යාපනය මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා ඉදි කෙරුණු අරවියන්නගර් උප දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරි ද ඇති බවද ප්‍රනාන්දු මහතා කීය. මෙලෙස මගී අයිතියට පත් කිරීමෙන් පසු දෛනිකව කොළඹ කොටුව හා කන්කසන්තුරය දක්වා ධාවනය කරන උත්තර දේවී දුම්රිය වෙනුවෙන් මෙම බලයෝධ කට්ටල දුම්රිය ධාවනය කරයි.

     

    uthta2  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya