අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත් ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    දෙසැම්බර් 18, 2018
    උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත්  (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
     ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර ඉදිරි කටයුතු පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.
    විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya