අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයෙන් තොරව වගකීම් ඉටුකිරිමට සියලු පුරවැසියන් කැපවිය යුතුයි Featured

    දෙසැම්බර් 15, 2018

    මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටුකිරිමට සියලු පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දියතලාව ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 93 වන විසිර යාමේ උළෙලට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ශක්තිමත් කිරීමට ඉටුකළ යුතු සෑම කාර්යයක්ම ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි.

    ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් මෙන්ම අද දවසේ මෘතෘ භූමියට එරෙහි අභියෝග පිළිබඳව ද ආරක්ෂක අංශ අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    එමෙන්ම ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළේ අතීතයේ දී අප මුහුණ දුන් ආක‍්‍රමණවලට වඩා වෙනස් ආකාරයේ අභියෝග අද විජාතික බලවේගවලින් අපේ රටට එල්ලවෙමින් පවතින බවයි. එම අභියෝග තේරුම් ගනිමින් මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් කළයුතු කාර්යයන් වහා ඉටුකිරීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම සමස්ත පුරවැසියන් කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
    අද පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත ගිය සේනාධිනායක ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි.
    ප‍්‍රථමයෙන් එම පරිශ‍්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

    කැඩෙට් නිලධාරින්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීම ජනාධිපතිතුමා සිදු කළ අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරින් වෙත අසිපත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව අවසන් කළ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 234 දෙනෙකු අද විසිර ගිය අතර ඒ කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 85 නිත්‍ය 27, කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 86 නිත්‍ය 35, කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 86 ඊ 95, කාන්තා කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 16 නිත්‍ය 20, කාන්තා ස්වෙච්ඡා කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 15 හි 15, ස්වෙච්ඡා කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 58 හි 42 ක් ද වශයෙනි.

    ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ චීන මහජන විමුක්ති හමුදාව අතර දශක ගණනාවක් මුළුල්ලේ පවතින සදාතනික මිත‍්‍රත්වය සනාථ කරමින් චීන රජයේ පරිත්‍යාගයක් අනුව දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඉදිකෙරුණු නව ශ‍්‍රවණාගාරය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ආසන 750 කින් සමන්විත නවීන පහසුකම්වලින් යුත් මෙම දේශන ශාලාව ස`දහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2752 කි.

    ශ‍්‍රවණාගාරය නිල වශයෙන් ශ‍්‍රී ලංකා රජය වෙත භාරදීමට අදාළ ලිපි ලේඛන මෙහිදී චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    දියතලාව යුධ හමුදා විද්‍යා පිඨයේ සේනාවිධායක බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සේනාරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරිය, යන මහත්වරුන් සහ ති‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්භාවනීය අමුත්තන් සහ විසර ගිය කැඩෙට් නිලධාරින්ගේ දෙමාපියන් ඥාතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya