අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාව, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ 93 වන විසිරියාමේ උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ...

    දෙසැම්බර් 16, 2018
    ජාතියටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද්ධ හමුදාවේ ප්‍රෞඩතම නිලධාරි පුහුණු ආයතනය වන දියතලාව, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ 93 වන කැඩෙට් නිලධාරින්ගේ සහ නිලධාරිණියන්ගේ අධිකාරියට පත්කිරීමේ හා විසිරයාමේ උළෙල  15) පෙරවරුවේ පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය. 
     යුද හමුදා විද්‍යා පීඨය වෙත ගිය සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි. 
     
    ප්‍රථමයෙන් එම පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය. 
     
    කැඩෙට් නිලධාරින්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීම ජනාධිපතිතුමා සිදු කළ අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශුරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරින් වෙත අසිපත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. 
     
     
    යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්භාවනීය අමුත්තන් සහ විසර ගිය කැඩෙට් නිලධාරින්ගේ දෙමාපියන් ඥාතින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya