අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු - සංහිදියා කාර්යංශය

    ජූලි 20, 2018

    ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය විසින් පාසල් සිසුන් අතර සහජීවනය ගොඩනැඟීමේ අරමුණින් අන්තර් ආගමික හා සංස්කෘතික උත්සව සැමරීමේ වැඩ සටහන් මාලාවක් දිවයින පුරා පාසැල් තුළ පළාත්, දිස්ත්‍රික් හා කොට්ඨාශ​ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම එම උත්සව සැමරිය යුතු ආකාරය සහ චාරිත්‍ර සහිත පොතක් මුද්‍රණය කර සිසුන් අතට පත්කිරීමටත් අපේක්‍ෂිතය​.

    විවිධත්වය ශක්තියක් කොට හඳුනාගත්, එමෙන්ම තිරසාර සාමය හා සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීම උදෙසා පවත්නා සියලු ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ අන්‍යෝන්‍ය ගරුත්වය හා අභිමානය වත්කමක් ලෙස සලකනු ලබන බහුවිධ මෙන්ම බහු වාර්ගික හා බහු ආගමික ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම මෙම වැඩ සටහනේ අරමුණ වේ තෛයිපොන්ගල් උත්සවය, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය, පොසොන් උත්සවය, රාමසාන් උත්සවය හා නත්තල් උත්සවය එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් අන්තර් ආගමික සහ සංස්කෘතික උත්සවයන් වේ. විවිධ ජනවර්ගවලට අයත් සිසු සිසුවියන් සහභාගි කරවාගෙන උත්සවාකාරයෙන් සැමරීම සිදු කරනු ලබයි. මෙහිදී විවිධ ආගමික උත්සව හා සංස්කෘතික උත්සව යන්හි අඩංගු චාරිත්‍ර වාරිත්‍ර අත්දැකීම් ප්‍රායෝගිකව අත්විදීමට අවස්ථාව ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු වන ලෙසට ඇඳුම් පැළදුම් වලින් සැරසී ආගමික හෝ සංස්කෘතික උත්සවයන්ට අදාළ විවිධ ක්‍රියාකාරකම් හා කණ්ඩායම් නායකත්වය හා සාමුහිකත්වය ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වල නිරත වේ. එහිදී බහුවිධ ජනවර්ග හා ආගම්වලට අයත් සහෝදර සහෝදරියන් සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබීමෙන් සියලු ආගමික හා සංස්කෘතික උත්සවයන්හි හරයන් හා වටිනාකම් එක හා සමාන බව සිසුන් අතරට ගෙනයාමට හැකි වේ. ඒ තුළින් අන්‍යාගමික ගෞරවය ආරක්‍ෂා කරන සමාජයක් ගොඩනැගෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    එක් එක් සංස්කෘතීන් නියෝජනය කරන හර පද්ධතීන් පිළිබඳව දැනුම්වත් වීමත්, සංස්කෘතියට අයත් සිරිත් විරිත් ඇවතුම් පැවතුම් පැරැණි ජන ක්‍රීඩා ආචාර විධි පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ලැබීම හරහා පාරම්පරික සම්ප්‍රදායන් නව පරපුරට සම්ප්‍රේෂණය වීමත් සිදුවේ.

     

    එම්.එස් ජයසිංහ
    අධ්‍යක්‍ෂ ජනරාල්
    ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya