අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය: රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සහ සංවර්ධන ඉලක්ක පිළිබඳ මහජන මන්ත්‍රණ සභාව

    ජූලි 20, 2018
     
    රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සහ සංවර්ධන ඉලක්ක යන තේමාව ඔස්සේ සාකච්ඡා කිරීම සඳහා මහජන මන්ත්‍රණ සභාව ජූලි මස 26 වන බ්‍රහස්පතින්දා සවස 4.00 සිට කොළඹ 7, ජාතික ගුවන් විදුලියේ, කුමාරතුංග මැදිරියේදී රැස්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරයි. 
     
    මෙහිදී ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් මූලික අදහස් දැක්වීම් ඉදිරිපත් කරනු ඇත. ඉන් අනතුරුව මහජන සංවාදය පැවැත්වෙයි.
    මහජන මන්ත්‍රන සභාව ආරම්භයට පෙර සවස 3.30 සිට සවස 4.00 දක්වා විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරන නාද සිත්තම් ජනප්‍රිය සංගීතමය වැඩසටහන ඉදිරිපත් කෙරෙයි. 
     
    මෙම වැඩසටහන මහජනයාට විවෘතය. ඉඩ කඩ සීමිත බැවින් ඔබගේ  පැමිණීම 077-910 9068 ඉරෝෂන් වෙත සනාථ කරන්න. මහජන මන්ත්‍රණ සභාව සංවිධානය කරනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව විසිනි.
     
    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya