මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ආර්ථිකය පිළිබඳ සාරාංශය

    අප්‍රේල් 27, 2018

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් පසුගිය දෙවසර තුළදී අනුගමනය කරන ලද ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකයෙහි කැපී පෙනෙන වර්ධනයන් ගණනාවක් සඳහා හේතු වුවද, පසුගිය වසර කිහිපය තුළ වාර්තා කළ අඩුම මූර්ත වර්ධන වේගය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධන වේගය 2017 වසරේදී මන්දගාමීත්වයක් පෙන්නුම් කළේය. 2015 වසර අවසානයේ සිට ක්‍රමයෙන් දැඩි කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් ඉහළ නැංවීම මගින් 2017 වසරේ මාර්තු මාසයේදී තවදුරටත් දැඩි කරන ලදී.

    එසේම, වැඩි වෙමින් පැවති පොලී අනුපාතික ඉහළ මට්ටමක ස්ථාවර වීමට ද ඉඩ සලසන ලදී. කෙසේ වුවද, 2015 සහ 2016 වසර තුළ පැවති වෙළඳපොළ අසමතුලිතතා නිවැරදි කරමින් රජ‍යේ සුරැකුම්පත් වෙළඳපොළෙහි ඇතිවූ සාධනීය වෙනස්කම්, සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහත වැටීම සඳහා හේතු වූ අතර, වසර අවසානය වන විට ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතික අඩුවීම සඳහා ද එමගින් බලපෑමක් ඇති විය. නාමික සහ මූර්ත පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සහ යෝග්‍ය සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග, 2017 වසරේදී මුදල් සමස්තවල වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වීම සඳහා හේතු විය.

    ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ආර්ථිකය පිළිබඳ සාරාංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya