අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සුළං වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට Featured

    ජූලි 16, 2014

    අද (16) දිවයිනේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල නිරිතදිග මෝසම් සුළං වේගය පැ.කි.මී. 60 පමණ දක්වා විටින් විට ඉහළ යාමට ඇති හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, රත්නපුරය, මහනුවර, ගාල්ල, කොළඹ සහ මඩකළපුවට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    අනුරාධපුරය, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රීකුණාමළයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 41.0ක උපරිම වර්ෂාපතනය​ කාසල්රී ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya