අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයන් 41ක් නිදහස් කිරීම ගැන ශ්‍රී ලංකාවේ ප්‍රසාදය

    ජූලි 11, 2014

    අන්ද්‍රා ප්‍රදේශ්හී රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයෝ 41 දෙනා නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පුද කරන බැව් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පී.එල්. පීරිස් මහතා ඊයේ (10) හයිඩ්‍රාබාද්හි දී අන්ද්‍රා ප්‍රදේශ්හි මහ ඇමැති ශ්‍රී එන්. චන්ද්‍රාබාබු නායිදු (Shri N. Chandrababu Naidu) මහතා සමඟ පැවති සාකච්ඡාවේදී පවසා සිටියේය.


    එහි අත්අඩංගුවේ පසුවූ සියලු ශ්‍රී ලාංකික ධීවරයන් මේ වන විට නිදහස් කොට ඇති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ තීරණයකට අනුව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු වූ ඉන්දියානු ධීවරයෝ 175 දෙනෙකු නිදහස් කොට ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රාබාබු නායිදු මහතා ශ්‍රී ලංකාව හා අන්ද්‍රා අතර පවත්නා කැපී පෙනෙන සබඳතාව පිළිබඳ සිය සතුට ප්‍රකාශ කරමින් අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් ආන්ද්‍රා ප්‍රදේශයෙහි නාගර්ජුන සගාර්හි පිහිටි පර්වතාරාම බෞද්ධ උද්‍යානයේ ඉදිකිරීමේ කටයුතු නිමවීමට ආසන්න බව සඳහන් කෙළේය.


    සංචාර හා සංචාරක කර්මාන්තයට අදාළ ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධානත ම ප්‍රදර්ශනය වන මෙම සතියේ අගභාගයේදී හයිද්‍රාබාද්හි ආරම්භ කිරීමට නියමිත සංචාර හා සංචාරක කටයුතු පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වන ශ්‍රී ලංකාව විසින් ඒ සම්බන්ධයෙන් දක්වනු ලබන දැඩි උනන්දුව පිළිබඳවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සතුට පළ කෙළේය.
     

    වෙළෙඳාම, ආයෝජන හා සංචාරක කර්මාන්තයට අදාළ ශ්‍රී ලංකාව හා අන්ද්‍රා ප්‍රදේශය අතර සහයෝගිතාව වර්ධනය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳ අමාත්‍යවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. තොරතුරු තාක්ෂණය හා ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් යෝග්‍ය වන අංශ වශයෙන් හඳුනාගනු ලැබූ අතර, කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි අන්ද්‍රා ප්‍රදේශය ලබාගෙන ඇති විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව විසින් වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගත යුතු යැයි නායිදු මහතා යෝජනා කළේය. ව්‍යාපාරික සම්බන්ධතා සහ සංචාරක කර්මාන්තය යන අංශ සම්බන්ධයෙන් කොළඹ හා හයිද්‍රාබාද් අතර ඍජු ගුවන් සම්බන්ධතා ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya