අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරණාගතයන් කියමින් නීතිවිරෝධීව වෙනත් රටවලට යාමට උත්සහ දරන අයට සිදුවන්නේ ආපසු හැරී එන්නයි

    ජූලි 11, 2014

    ත්‍රස්තවාදය පරාජය කර ස්ථිර සාමයක් ගොඩනැංවීමෙන් පසු ශ්‍රී ලංකාව බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි රටක් ලෙස ජත්‍යන්තරය පිළිගෙන තිබෙන බවත්, මේ නිසා සරණාගතයන් බව පෙන්වමින් නීති විරෝධී ලෙස වෙනත් රටවලට ඇතුළු වීමට උත්සහ කරන අයට සිදුවන්නේ ආපසු හැරී ඒමට බවත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පැවසීය.


    ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධි ලෙස බෝට්ටු මගින් ගොස් ඇතුළු වීමට ඇතැම් පිරිස් උත්සහ කරන්නේ වැඩිපුර ආදායම් ලැබීමේ අරමුණින් මිස මෙරට ජීවත් වීමට ගැටලු ඇති නිසා නොවන බවද ඒ මහතා කීය. නව නාවික හමුදාපති වරයා ඊයේ (10) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා යුද්ධය නිමවී සාමකාමී තත්ත්වක් ශ්‍රී ලංකාවේ පවතින බැවින් මෙහි ජීවති වීමට නොහැකියාවක් කිසිවකුට නොමැති බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයාද ප්‍රකාශකර තිබෙන බව කීවේය.බොහෝ පිරිස් මෙවැනි අවදානම් ගමන්වලට එක්වන්නේ නොදැනුවත්කම නිසා බවත්, නොදැනුවත් කමින් නොමග ගොස් අමාරුවේ නොවැටෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජයන්ත පෙරේරා මහතා පැවසුවේය.

     කිසිදු පදනමක් නොමැතිව මෙලෙස තම රටට ඇතුළුවන අයට ඔස්ට්‍රේලියානු රජය දැඩිව ක්‍රියා කරන බවද හෙතෙම කීය.  විනය ගරුක කාර්යක්ෂම හමුදාවක් ලෙස නාවික හමුදාව දිනා ඇති කීර්තිය එලෙසම පවත්වා ගෙන යමින් රජයේ අවශ්‍යතාව අනුව ක්‍රියාකරන බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී මිය ගිය නාවික හමුදා විරු පවුල් සාමාජිකයින් රැක බලා ගැනීමට ප්‍රමුඛතාවක් දී ක්‍රියාකරන බවත් ඒ මහතා පැවසුවේය.

    මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව උරදී ක්‍රියා කරන බවත් ගොඩ බිම මෙන් හය ගුණයක් විශාල ශ්‍රී ලංකා මුහුදු සීමාව ආරක්ෂා කිරීමේ වගකීම මැනවින් ඉටු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

     

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya