අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 071 655 0000 ක්‍ෂණික අංකයට දැනුම් දෙන්න

    ජූලි 11, 2014

    පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති ක්‍ෂණික දූරකතන අංකය හා ස්කයිප් ලිපිනය භාවිත කරන ලෙස පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී බී. රත්නායක මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.


    ක්‍ෂණික දූරකතන අංකය - 071 655 0000 වන අතර skype ලිපිනය - privatetransportservices, විද්‍යුත් ලිපියන This email address is being protected from spambots. You need JavaScript enabled to view it., වෙබ් ලිපිනය ptsmin.gov.lk

    ඒ අනුව මගීන් විසින් සිදුකරනු ලබන පැමිණිලි ඉහත සඳහන් ක්‍ෂණික දූරකතන අංකය අමතා හෝ ස්කයිප් ලිපිනය භාවිත කර ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියාය.

    අමාත්‍යාංශයේ මෙම පැමිණිලි ඒකකය සඳහා පසුගිය ජනවාරි මස පළමුවන දින සිට ඊයේ  දක්වා පැමිණිලි 167ක් ලැබී ඇති අතර, එයින් පැමිණිලි 73ක් අන්තර් පළාත් බස් රථ සම්බන්ධයෙන් ද, පැමිණිලි 94ක් පළාත්බද බස් රථ සම්බන්ධයෙන්ද වේ.

    ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය ව්‍යපෘති රැසක් කි‍්‍රයාවට නංවා ඇත. නවීන  තාක්‍ෂණය මගී ප‍්‍රවාහන ක්ෂේත්‍රය සඳහා හඳුන්වාදීම මේ අතරින් ප‍්‍රමුඛ වේ. ඒ අනුව බස් රථ සඳහා Gps තාක්‍ෂණය දැනටමත් හඳුන්වාදී ඇත. බස් රථය තුළදී කාන්තාවන්ට වන හිරිහැර නතර කිරීමේ අරමුණින් බස් රථ තුළ කැමරා සවිකිරීම කෙරෙහිද  අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ප‍්‍රවේශ පත‍්‍රය


    වෙනුවට මුළුදිවයිනට ම භාවිත කළ හැකි වන පරිද්දෙන් පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට කි‍්‍රයා කෙරේ. මෙම ක‍්‍රමවේදය මඟින් මාරුකාසි සම්බන්ධයෙන් මගීන් හා කොන්දොස්තරවරයා අතර වන ගැටුම නතර කිරීමට  හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම කොන්දොස්තරවරයා තුළ මුදල් භාවිතයක් සිදු නොවන බැවින් කප්පම් ලබාදීමට හැකියාවක් මෙම ක‍්‍රමවේදය තුළින් නොලැබෙනු ඇත. එසේම මෙම කාඩ්පත භාවිත කිරීම තුළින් ලැබෙන සම්පූර්ණ ආදායම බස්
    හිමියා වෙත ලබාදීමට හැකියාව ලැබේ.

    මගීන් විසින් කරනු ලබන පැමිණිලිවලින් වැඩි ප‍්‍රමාණයක් අඩුපාඩු සහිත බැවින් ඒවා විමර්ශනය කිරීම දුෂ්කර වී ඇතැයි අමාත්‍යවරයා පවසයි. එබැවින් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව, ආදිය පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ප‍්‍රවේශ පත‍්‍රය තමා සතුව තබා ගැනීම විමර්ශනය සිදුකිරීමට පහසුවක් වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya